කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා පවසා සිටියේ, ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ පක්ෂය වන පොදු ජන පෙරමුණට වුවමනා විදියට වැඩ කටයුතු කළ නොහැකිනම් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය වැනි සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් යා යුතු බව ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ බීමත් පිරිසක් කැඳවාගෙන පැමිණි අදාළ මන්ත්‍රීවරයා තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයකට ඇතුළු වී සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලද බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිමල් පියතිස්ස මහතා පවසා සිටියේ චාමර සුභාෂිත සිල්වා මහතා “මහින්ද සුළඟ” වැඩපිලිවෙල මෙන්ම වතමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමඟ පිළිසඳර” වැඩසටහන පවා කඩාකප්පල් කිරීමට කටයුතු කළ අයෙකු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...