ඉස්ලාමීය ආගමික නායක නබි නායක තුමාගේ ජන්ම දිනය අද ට (19) යෙදී තිබේ. අභිනතුමියට හා අබ්දුල්ලා යන අයට දාව මොහොමඩ් හෙවත් නබිනායකතුමා ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදී උපත ලැබීය.
මොහොමඩ් නබි තුමා ළමා අවධිය අනාථ දරුවෙකු ලෙස ගත කළ බව පැවසෙන්නේය. ඉන් පසු කාලයේ ව්‍යාපාරිකයෙකු ලෙස ගැල් කණ්ඩායම් සමග වෙළෙඳාම සඳහා සිරියාවට ගිය බව ඉතිහාසය හැදෑරීමේදි තහවුරු වේ.
නබිතුමා අයත්වූ ගෝත්‍රයේ ජනයා අතර එතුමා ඉතා සමෘද්ධිමත් සැලසුම්සහගතව කටයුතු කරන පුද්ගලයෙකු බව පිළිගැනීමක් තිබුණි. එලෙසම එතුමා ගැටුම් සමනය කළ හැකි සහ ඒ මගින් ඇතිවන සිත් රිදීම් සුවපත් කළ හැකි අයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත් වූවෙකි.
එතුමා වයස 40 දී පමණ ආගමික චරිතයක් බවට පත් වූ අතර, වරින් වර මැකා නගරයෙන් පිටත හුදකලාව වාසය කරමින් යාඥා කළ බවද කියවේ. එම කාලයේදී එතුමාට යම් හඬක් ඇසීමට සහ යම් දර්ශන පෙනීමට පටන්ගෙන ඇති බව කියවෙන අතර එම තත්වය වෙනත් කිසිවෙකු විසින් අත්දකින ලද්දක්ද නොවේ. නමුත් එම ඇසීම් සහ පෙනීම් මොහොමඩ් නබි තුමාට ඉතා වැදගත් වූ අතර, ඒ මගින් ඔහුගේ චරිතය සහ ජීවිතය වෙනස් වූ බව කියවේ.
එලෙස එතුමාට ඇසුණු යම් හඬවල් සහ පෙනුණු දර්ශන සම්බන්ධව විස්තර කරමින් , ආපසු මැකා නුවරට යන අතරතුර එහි සිටි තමාගේ ඥාති මිත්‍රයින්ට තමා දෙවියන්ගේ පණිවිඩකරු ලෙස තෝරාගෙන ඇති බව පවසා ඇති බව කියවේ. ඒ අනුව නබි තුමා විසින් එම දෙවියා සමස්ත විශ්වයටම අධිපතිත්වය දරන “අල්ලා” ලෙස හැදින්විය යුතු බව ප්‍රකාශ කරනු ලැබීය.
“අල්ලා” දෙවියන් වහන්සේ ලොවට හඳුන්වා දීමෙන් පසු නබිතුමා විසින් ප්‍රධාන මූලධර්ම දෙකක් හඳුන්වාදුන් අතර ඒ මගින් එතුමාගේ ජීවිතය සහ චරිතය පමණක් නොව සමස්ත ලෝකයම සදහටම වෙනස් විය.
ඉන් පළමුවැන්න දෙවියන්ට කීකරුවීම හෙවත් යටත් වීමය. දෙවියන් වහන්සේගේ වචන ඒ ආකාරයටම සහ ඒ අවස්ථාවේදීම නිශ්චිතව පිළිපැදිය යුතු බවත්, තමාගේ වැඩ රටාව අනුව සියලු දෙනා තම ජීවිත හැඩගස්වා ගත යුතු බවත් නබි තුමා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එතුමා විසින් හඳුන්වාදුන් දෙවන මූලධර්මය ද්විත්ව චරිත සොබාවයයි. නබි තුමාගේ ඉගැන්වීම් මගින් මැකා නුවර සමාජය කොට්ඨාස දෙකකට බෙදුණු අතර, පළමු කොට්ඨාසය “විශ්වාස කරන්නන්” වූ අතර, දෙවන කොට්ඨාසය “විශ්වාස නොකරන්නන්ය”. ඒ අනුව නබි තුමාගේ වචන විශ්වාස කරන පිරිස “මුස්ලිම්” වූ අතර, විශ්වාස නොකරන පිරිස “කාෆීර්” ලෙස හැඳින්වීය.
නබි තුමා ලොවට හඳුන්වා දුන් “ඉස්ලාම් භක්තිකයන්ගේ” මූලික ආගමික ග්‍රන්ථය වන කුරානය තුළ 64% ක්ම විශ්වාස නොකරන්න්වුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග වලට වෙන් කර ඇති බව ඉස්ලාම් ධර්මය පිළිබඳව හදාරන විද්වතුන්ගේ මතයයි.
නබි තුමා තමා ඉදිරිපත් කළ ආගමික මතවාදය කෙතරම් ප්‍රබලද යත් එතුමා හන්ඳුන්වා දුන් විශ්වාස නොකරන්නන් හෙවත් කාෆීර්වරු හඹායාම එතුමාගේ අනුගාමිකයන් එතුමාගේ මරණින් වසර 1400කට පසුත් එලෙසම කරමින් සිටින බව අදටද තහවුරු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...