දේශීය පුවත්

‘යුනිලිවර් ශ්‍රී ලංකා’ සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවත් එය යට ගැසීම සඳහා
ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් එල්ල වී ඇති බවත් රේගුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, 2018 ඔක්තෝබර් – 2019 අප්‍රේල් කාලසීමාව තුළ යුනිලිවර් සමාගමේ සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පාම් ඔයිල් ෆැටි ඇසිඩ් නමැති සංඝටකය ආනයනය කිරීමේදී රේගු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු 25% ක බදු මුදල වංචා සහගත ලෙස ගෙවීම පැහැර හැර තිබේ.

අදාල සංඝටකය ආනයනය කිරීමේදී HS අංක 3823.19.20 යටතේ ආනයනය කළයුතු වුවත් ඒවා ආනයනය කර තිබෙන්නේ HS අංක 3823.19.90 යටතේයි. මේ හරහා අදාල බදු මුදල් නොගෙවා සිටීමට සමාගම සමත් වී ඇත.

කෙසේ නමුත් රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම වංචනික ක්‍රියාව හරහා රුපියල් මිලියන 570 කට අධික මුදලක් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් රේගුවට ගෙවිය යුතු බවයි.

මෙම වංචාවට අදාල දඩ මුදල ලෙස රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවන ලෙස රේගු බළධාරීන් සමාගමට දන්වා ඇති නමුත් එම මුදල් ගෙවීම සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්පසු රේගු බළධාරීන් විසින් 2021 ජනවා‍රි මස 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ 19/2021 අංකය යටතේ යුනිලිවර් සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.

මෙම වංචාව සිදුව තිබෙන්නේ පසුගිය යහපාලන රජය සමයේදීය. යහපාලන රජය සමයේදී සිදු වූ වංචා දූෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු‍ වෙමින් බලයට පත් වූ වත්මන් පාලකයන්ද නීතිමය පියවර ගැනීම වෙනුවට වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.

රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් පවසන්නේ මෙම නඩුව සමාගමට වාසි සහගත වන පරිදි සමථයකට පත් කර ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන, දැරූ පුද්ගලයන් හරහා රේගුවට බලපෑම් එල්ලවෙමින් තිබෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More