අමාත්‍ය මණ්ඩලය විසින්, පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අනුමත කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52ට එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙයි. එලෙසම පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කරනු ලැබ තිබේ.
මේ අනුව වයස අවුරුදු 55 දී විශ්‍රාම යාමට සූදානම් සේවකයින් හට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල ආපසු ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ වයස අවුරුදු 55 දී ද නැත්නම් 60 දී ද යන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහහස් දක්වමින්,
“ඕනෑම කෙනෙකුට ඕනෑම වයසක දී විශ්‍රාම යන්න පුළුවන්.නමුත් EPF එකෙන් සල්ලි ගන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 55 දී. යම් පුද්ගලයෙකුට ඊට පෙර විශ්‍රාම යාමට අවශ්‍ය නම් යන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් වයස අවුරුදු 60 වෙනතුරු වැඩකරනවා නම්, ඒ වයස දක්වා දැනට තියෙන නීතිය අනුව EPF ගෙවිය යුතු වෙනවා”.
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. වර්ෂ 2020 අවසාන වනවිට රු. බි. 2,824ක වත්කමක් සේවක අර්ථ සාධාක අරමුදල සතුව පැවතුනි.
පනතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, කම්කරු කොමසාරිස්වරයා අරමුදලේ ප්‍රධාන පරිපාලකයා වන්නේය. එලෙසම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකාරත්වය සඳහා බලතල, රාජකාරි හා වගකීම් දරනු ලබයි. තවද ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, මුදල් මණ්ඩලයට අයත් පනතින් පවරන ලද බලතල, රාජකාරි හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සම්පාදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...