දේශීය පුවත්

අක්කර භාගයකට වැඩි භූමි ප්‍රදේශයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ යටතේ ගොවීන් පිරිසකට කෘෂි උපකරණ ලබාදීම වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.

“ඉදිරි කාලේ අක්කර භාගෙට වැඩි ගොවීන් තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදනවා නම් අපි එක ගොවියෙකුට ලක්ෂ 3ක ආධාරයක් දෙනවා. විසිරුම් ජල පද්ධතිය, වතුර ටැංකි, ජල මෝටර් මේ සියල්ල අපි නොමිලේ ලබාදෙනවා. කෘෂිකර්මාන්තයට කැමති ඉඩම් තියන සියල්ලන්ට තාක්ෂණික දැනුම ලබාදීලා වෙ‍ළෙඳපොළ හදලා දීලා ඒ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න. අපි මූලික පියරවක් ලෙස තමයි කෘෂි උපකරණ කට්ටලයක් දෙන්නේ. තමන්ගේ ඉඩම හදාගෙන යන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජාතික අවශ්‍යතාවය ඒ අවශ්‍ය දේ සම්පූර්ණ කිරීම සඳහා මේ ගොවීන්ට ආධාර දෙන්න ”

මේ අතර පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා නැනෝ නයිට්‍රජන් ප්‍රභවයක් සහිත විශේෂිත දියර පොහොර ලීටර් විසි දෙලක්ෂයක් පමණ ඉන්දියාවෙන් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.එහි පළමු පොහොර තොගය ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More