යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුම පිළිබඳව අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්නැයි, ජනාධිපතිවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක නායකයින් තමන්ට වේලාවක් ලබා දෙන්නැයි, යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමිනි.
ඒ අනුව අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසා ඇත්තේ, පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා සිය ප්‍රතිචාරය පිළිතුරු ලිපියක් මගින් දැනුම් දුන් බවයි.
මේ අතර ජනාධිපතිවරයා යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් ඊයේ (16) දහවල් රැස්වූ අතර අදාල ගිවිසුම හා ඊට අදාල ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති වරයා කිසිවක් නොදන්නා බව එකී ලිපිය මගින් නොනිල වශයෙන් පිළිගෙන ඇති බවක් පක්ෂ නායකයින්ගේ කතාබහට ලක්ව ඇතැයි පැවසේ.
යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුමට විරෝධය පළ කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 පසුගිය සැප්තැම්බර් 23 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ අතර ඉන් පසුව එම පක්ෂ නායකයින් මාධ්‍යට පැවසුවේ ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.
අගමැතිවරයා සමග කළ එම සාකච්ඡාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ 11 නියෝජතවරු සහභාගී වී සිටියහ.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දනුවත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.
එසේම, එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ලබන ඉරිදා (24) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා කැඳවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...