දේශීය පුවත්

විවිධ සමාජ පසුබිම්වලට අයත් විද්වතුන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, මාධ්‍යෙව්දීන්, ගුරුවරුන්,
පර්යේසකයින්, COVID 19 කටයුතුවලට සම්බන්ධ ප්‍රජා ක්‍රියාකාරිකයින් මෙන් ම ළමයින් සහ දෙමාපියන්
සහභාගිත්වෙයන් කළ සාකච්ඡා වට කීපයකට පසු ව, මෙවන් සමාජ ව්‍යාපාරයක් දියත් කිරීම කාෙලෝචිත
බවට ඒකමතික එකඟතාවකට පැමිණිෙයමු. කිසිදු  දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති, ස්වාධීන
සමාජ ව්‍යාපාරයක් ලෙස රැඳී සිටීමින්, මෙකී සමාජ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට ද අපි එකඟ වීමු.
මෙම සමාජ ව්‍යාපාරෙය් මූලික අවධානය යොමු වී ඇත්තේ, COVID-19 මගින් දරුවන්ට සහ
ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති කරන බලපෑමයි. අධ්‍යාපනය වරප්‍රසාදයකට වඩා අයිතියක් යන අදහසට එකඟ
වන අපි, අඩු පහසුකම් හා වරප්‍රසාද සහිත මෙන් ම අවදානමට ලක් විය හැකි දරුවන්ට, COVID-19 කරන
බලපෑම සුවිෙශේෂ ලෙස සැලකිය යුතු බවට විශ්වාස කරමු. COVID-19 නිසා සමාජෙය් පවතින අසමානතාවන්
වඩාත් තිව්‍ර වී ඇත. මේ නිසා වසංගතය හෝ ‍ හේතුවක් නිසා දරුවන්ගේ අධ්‍යාපනයට නොවන අහිතකර
බලපෑම අවම කිරීම සැමෙග් බරපතල යුතුකමකි. මෙම පසුබිම තුල වසංගතය හේතුෙවන් හෝ වෙනත් කිසිදු
හේතුවක් නිසා හෝ මෙලෙස  පුළුල් වන කාල පරිච්චේදයක දී, දරුවන්ගේ අධ්‍යාපනය අහිමි
කිරීම යුක්ති සහගත නොවන වන බව ද තරෙය් විශ්වාස කරමු.

දරුවන්ට සංවිධානගත හඩක් ෙනොමැති හෙයින්, මෙවැනි සමාජ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම මගින්
දරුවන් බල ගැන්වීම, සමාජ සංවේදි වැඩිහිටියන්ගෙ වගකීමකි. එමගින් අධ්‍යාපනය ලැබීෙම් අයිතිය පිළිබඳ
දරුවන්ගෙ හැඟීම්, සිතුවිලි සහ ගැටලු, කලාව/චිත්‍ර ඇඳීම/ලිවීම යනාදි මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමට දරුවන්ට
අවස්ථාව ලබා දිය යුතු ය.

ගම්බද සහ අඩු පහසුකම් සහිත ප්‍රෙද්ශවල ළමයින් වැනි අඩු වරප්‍රසාද සහිත වූ ප්‍රජාවන් සහ
අවදානම් සහිත කණ්ඩායම් (ආබාධ සහිත දරුවන් වැනි) සඳහා වැඩි අවධානයක් මෙන්ම ප්‍රමුඛතාව මේ
සමාජ ව්‍යාපාරෙය් දී ලබා දිය යුතු ය. එවැනි ප්‍රජාවන් පිළිබදෙ හොද අවෙබෝධයක් ඇති වෘත්තිකයන් ද ග්‍රාමීය
හා අඩුපහසුකම් සහිත ප්‍රෙද්ශවල ක්‍රියාකාරීන් ද ඇතුළු විවිධාකාර සමාජ පැතිකඩ නිෙයෝජනය වන පරිදි, මේ
සමාජ ව්‍යාපාරය දියත් කිරීමට ද යෝජනා කෙරිණි.

ජනමාධ්‍ය නිෙව්දනය
මේ සමාජ ව්‍යාපාරෙය් දී අපෙග් අවධානය සුවිෙශේෂ වෙ යොමු වී ඇත්තේ දරුවන් සහ ඔවුන්ගේ
දෙමාපියන් සවිබල ගැන්වීමටයි. ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට සහ හඩක් නැගීමට අවස්ථා සලසා දීම සහ
වේදිකාවක් නිර්මානය කිරීමට සැලසුම් කිරීම, මෙම සමාජ ව්‍යාපාරෙය් ප්‍රධාන ඉලක්කයයි.
මෙම ව්‍යායාමෙය් කෙටිකාලීන  ඉලක්කය වන්නේ ළමයින් නැවත පාසල් අධ්‍යාපනය ආරම්භ
කරන තෙක් පවතින සංක්‍රාන්ති කාලය පිළිබද ව ය. දිගු කාලීන අරමුණ වනුෙය් අධ්‍යාපනය බෙදා හැරීම සහ
පුර්ව ළමා විය සංවර්ධනයට අදාළ ව පවතින විෂමතා පිළිබඳ ව අවධාරණය කිරීම ය.
මෙම මෙහෙවර සඳහා උනන්දුවක් දක්වන අප සමග එකතු වන ලෙස ඉල්ලා සිටිමු. තව ද මෙම
සංකල්පය සමාජ ගත කිරීම සදහා හැකි සෑම අෙයකුට ම දායක විය හැකි බව අවධාරණය කරමු.

මහාචාර්ය අතුල සුමතිපාල
කැදවුම්කරු, දරුවන්ට හඩක් – දුරකථන අංකය: 0777378901

දරුවන්ට හඩක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More