දේශීය පුවත්

ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි.

මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. මෙලෙස ඉන්දියාවෙන් ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ය.

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන 24 ක්. එය අදාළ සමාගම්වලට ඊයේ දිනයේදීම ගෙවා දැමීමටයි මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More