දේශීය පුවත්

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් භාණ්ඩාගාරයට යළි නොඑවා සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස දෙක තුළ අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) නාගරික සංවර්ධන අධිකාරියට හා නිවාස සංවර්ධන අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාල සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවැනි කාර්තුව සඳහා අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාල උපදෙස් ලබා දී තිබේ.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බවය.ලබන දෙසැම්බර් මස 31 වනදාට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More