දේශීය පුවත්

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය වලිගයෙන් අල්ලා ගන්නා නිසා ඔවුන්ට එම ප්‍රශ්නය විසඳිය නොහැකි බවය.

මහා මෝල් හිමියන්ගේ නම් කියා ඔවුන් ගොවියා සහ කුඩා මෝල් හිමියා විනාශ මුඛයට තල්ලු කරන බවට බවට ද ඔහු චෝදනා කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වී යනු මිනිරන් මෙන් පොළොවෙන් හාරා ගන්නා දෙයක් නොවන බවය.

ඒ නිසා ප්‍රශ්නය විසඳීම ආරම්භ කළ යුත්තේ ගොවියාගේ හෙවත් ප්‍රශ්නයේ ඔලුවෙන් බව ඔහු කියයි. ඔහුට අනුව කළ යුත්තේ පළමුව වී සහතික මිල ගොවියාට පැවතිය හැකි ලෙස නියම කිරීම සහ ඉන් පසුව මිල සූත්‍රයකට අනුව කුඩා මෝල් හිමියාට පැවතිය හැකි ලෙස සහල් මිල නියම කිරීමය.

එවිට කෙටි කාලීනව මහා මෝල් හිමියන්ට වාසියක් වන බවට තර්ක කළ හැකි වුවද කුඩා මෝල් හිමියන් නැවත ව්‍යාපාරය අත්පත් කරගත් විට මහා මෝල් හිමියාගේ කොටස නැවත සිටියට 25% කින් පහළ බසින බව ද ඔහු කියයි. දැන් මහා මෝල් හිමියන්ගේ කොටස සියට 50% ක් දක්වා ඉහළ යමින් තිබෙන බව ද ඔහු කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More