දේශීය පුවත්

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස විජිත් වැලිකල මහතා පත්කර ඇත.

එහි සෙසු සාමාජිකයින් වන්නේ…

ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.

හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වා ගැනිම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරිම, විවිධ බෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරිම, කෘමිනාශක සහ වල්නාශක දේශියව නිෂ්පාදනය කිරීම, දේශිය නිෂ්පාදන මගින් අවශ්‍යතා සැපිරීමේදී ඇතිවිය හැකි හිඟයන් උසස් ප්‍රමිතියෙන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතීන් යටතේ සීමිත ලෙස ආනයනය කිරිමේ ක්‍රමවේදයක් සහ අධීක්ෂණ ක්‍රියා හඳුනාගැනිම මෙම කාර්ය සාධක බළකායේ කාර්ය වේ.

මීට අමතරව, කාබනික ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයේ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනගත කිරිමේ සන්නිවේදන කටයුතු ප්‍රචලිත කිරීම, මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ සක්‍රිය දායකත්වය ලබා ගැනීම හා ක්‍ෂේත්‍ර මට්ටමෙන් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීම ද මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති බව වාර්තා වේ.

අදාල ගැසට්ටුව මෙතැනින්

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට්ටුව



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා දුන්නේ නැහැ-හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු...


Read More

ආණ්ඩුව සමඟ කිසිදු කළකිරීමක් නැහැ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීඉමට කිසිදු තීරණයක් ගෙන...


Read More