පුරවැසි කොලම

යොහානි ද සිල්වා කියන්නේ අපිට අහම්බෙන් ලැබිලා තියෙන වටිනා වස්තුවක්.නව යොවුන් ගායිකාවක්.ගායනයට වගේම යොහානී රංගනයටත් දක්ෂයි.එයා හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් කෙනෙකුගේ දුවෙක්.හැබැයි රටේ රාළගේ මේ විග්‍රහයට එයාගේ පවුල් පසුබිම අදාළම නෑ.යොහානී ශ්‍රී ලාංකික පුරවැසියෙක් විම හොදට ප්‍රමාණවත්.

යොහානී තමයි මෑතකාලීනව ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකයට ගෙනිච්ච තාරකාව.ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ගොඩක් හානිවෙලා තියෙන වෙලාවක තමයි යොහානී ඒක කළේ.ඒක නිසා පොඩි දරුවෙක් උනත් අපි යොහානිට ගෞරව කරන්න ඕනි.යොහානිව ආරක්ෂා කරන්න ඕනි.ඇත්තටම යොහානී කළේ සුළුපටු වැඩක් නෙවෙයි.යොහානී සිංහල භාෂාව ලෝකයට අරන් ගියා.යොහානී ලෝකයට සිංහල ඉගැන්නුවා.ඒකෙන් ලෝකේ බොහෝ දෙනෙක් සිංහල කියන සුන්දර භාෂාව හදුනාගත්තා.ඒ වගේම තමයි යොහානිගේ මැණිකේ මගේ ගීතය මේ වෙනකොට මිලියන 130 විතර බලලා තියනවා.ඇත්තටම ඒ මිලියන 130 හම යොහානිගේ නම කියන වාරයක් වාරයක් පාසා ශ්‍රී ලංකාව කියන නමත් කියන්න ඇති.ශ්‍රී ලාංකිකයෝ නම් තමන්ගේ රට ගැන අභිමානයක් ඇතිවෙන්න ඇති. ලෝකයේ සමහරු තමන්ගේ රට නිසා බැබලෙනවා.හැබැයි යොහානී ඒක වෙනස් කළා.අද යොහානි නිසා ශ්‍රී ලංකා කියන නම ලෝකයේම බැබලෙනවා.

ඇත්තටම යොහානි තමයි ශ්‍රී ලාංකිය තාරුණ්‍යයේ නූතන පිලිබිඹුව.රටේ රාළ එහෙම කියන්නේ හේතුවක් ඇතිව.කොහොමත් ශ්‍රී ලංකාව ලෝකයත් එක්ක සංසන්දනය කරත්දී ලොකු බුද්ධිමය සම්පතක් තියන රටක්.ඒ බුද්ධිමත් සම්පතෙන් හරියට ප්‍රයෝජන ගත්තා නමි අද අපි ලෝකයේ බලසම්පන්න රටක්. හැබැයි කොච්චර හොද බුද්ධිගලනයක් අපේ රටේ තිබුණත් අපේ රටේ මිනිස්සු ඒ බුද්ධිය දේශපාලනිකව නං හරියට පාවිච්චි කරන්නේ නෑ.මැට්ටොම තමයි බලයට ගේන්නේ.රටේ රාළ දන්න විදිහට යොහානි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අමතරව විදේශීය අධ්‍යාපනයත් ලබපු කෙනෙක්.එයා ගොඩක් හිපොප් සංගීතය පැත්තට බර බව පේනවා.ඒ වගේම රැප් සංගීතයට.අලුත් ශෛලියක්,අලුත් Voice එකක්.නව නිර්මාණශීලීත්වයක්.ඇත්තටම නුතන ශ්‍රී ලාංකික තාරුණ්‍යය කියන්නේ යොහානිම තමයි.යොහානී දැක්කම පේනවා එයා විලාසිතා ගැන ගොඩක් හිතන කෙනෙක් බව.එයා ඒක බොහොම ලස්සනට මැච් කරනවා.ඇත්තටම විලාශිතාව තරුණයාට ඕනිම දෙයක්,විලාසිතාව කියන්නේ තාරුණ්‍යයට හොද ආභරණයක්.

රටේ රාළට යොහානි ගැන ඇත්තටම තියෙන්නේ ආඩම්බරයක්.හැබැයි යොහානී දිහා බලලා මේ රට දිහා බලනකොට නං දැනෙන්නේ ලොකු කම්පනයක්.තව කොච්චර යොහානිලා මේ රටේ ඉන්නවද?යොහානී ඒ අතින් වාසනාවන්තයි.ඒ හැකියාවත් ඒක්ක යමක් කමක් තියෙන පවුලක එයා ඉපදුනේ. ඒත් මේ රටේ ඔය හැකියාව තියාගෙන ඉදිරියට එන්න අවස්ථාව නැතිව කොච්චර යොහානිලා ඉන්නවද.කොච්චර කොල්ලෝ ඉන්නවද?ඔය පොඩියට YouTube Channel එකක් හදාගෙන අපේ කොල්ලෝ කෙල්ලෝ දාන සෙල්ලං දැක්කම ඇත්තටම පුදුමයි.මුන්ට බැරි දෙයක් නෑ.අපේ ළමයි සංකල්ප අතින් හරි පොහොසත් බව පේනවා.කරන්න ඕනි අපි නැගිටිමු කියන ආකල්පය උන්ට දෙන එක.ඒකට නායකත්වය දෙන එක.ඒත් අපේ රටේ වෙන්නේ නැගිට්ට එකා පැනලා බදා ගන්න එක විතරයි. නැගිටින්න හදන එකාට ගහනවා.යොහානී මේ ලබපු ජයග්‍රහණයත් එක්ක එයාගේ නම අගට රාජපක්ෂ කියාලා දාන්න යෝජනා උනොත් රටේ රාළ නං පුදුම වෙන්නේ නෑ. මොකද මෑතකාලීන ශ්‍රී ලංකාවේ දක්ෂයෝ බිහි වෙන්නේ එක පවුලකින් විතරක් හින්දා.

කොහොම උනත් රටේ රාළ අද කතා කරන්නේ යොහානී ගැන නිසා තව ටිකක් ලිපිය එයාට බර කරන්න වෙනවා.ඇත්තටම යොහානී කොහොමද අපි Use කරගන්න ඕනි.වෙන රටක යොහානී හිටියා නම් ඒ රටේ නායකයින් ඒ සැලැස්ම දැනටත් හදලා.ඇත්තටම අපට බොබ් මාලේ කෙනෙක්,මයිකල් ජැක්සන් කෙනෙක් හම්බ වෙලා.ඒක කියන්නේ ශ්‍රී ලංකවට ලැබුණු ලොකු ආයෝජනයක්. යොහානී ගොඩක් ජනප්‍රිය උනේ ඉන්දියාවේ. ඉන්දියාව යොහානිව රටවල් දෙක අතර සංස්කෘතික තානාපතිවරියක් විදිහට Announce කළා.ඇත්තටම ඒක හොද තනතුරක්.ඒත් රටේ රාළ හිතන්නේ නෑ ඒ තනතුරේ ගැඹුර හිතන්න පුළුවන් පාලකයෙක් අපේ රටේ ඉන්නවා කියලා.කොහොම උනත් රටේ රාළට නං යෝහානි දැක්ක ගමන් එක දෙයක් හිතුනා.යොහානි අපේ රටේ ජාතික සමගිය ගොඩනගන්න යොදාගන්න පුළුවන් චරිතයක්.ඇත්තටම රටේ රාළට ෂුවර් උතුරේ දෙමළ තාරුණ්‍යය,නැගෙනහිර මුස්ලිම් තාරුණ්‍යය යොහානි වැළද ගන්නවා. යෝහානිගේ දෙමළ භාෂාව හැකියාව ගැන රටේ රාළ දන්නේ නෑ.හැබයි යොහානිට මේ රටේ ජාතීන් අතර ඇත්ත සංහිදියාව ගොඩ නගන්න පුළුවන්.

කොහොම උනත් ඉන්දියාවේ ප්‍රසංග කීපයකට සහභාගී වෙලා ඊයේ යොහානී ලංකාවට ආවා. එතනදී යොහානී කියපු එක කතාවක් හරි වටිනවා.යොහානී කවදාවත් දේශපාලනයට එන්නේ නෑ කිව්වා.එයාගේ ඉළක්කය හොඳ ආටිස් කෙනෙක් වෙන්නලු.ඇත්තටම ඒක හොද අදහසක්.රටේ රාළත් කැමති නෑ යොහානී දේශපාලනට එනවාට.පහූගිය කාලය පුරාවටම අපේ රටේ උනේ ඕක.පොඩි ජනප්‍රිය කමක් හදා ගත්ත ගොඩක් අය දේශපාලනට ආවා.ඇත්තටම එන්නේ හම්බ කරන්න.රට හදන්න කවුරු හරි ආවා නම් දැන් එයා දේශපාලනය දාලා ගිහින් ගොඩක් කල්.රට හදන්න ඕනිත් දේශපාලනයෙන්ම තමයි.ඒත් මේ දේශපාලනයට ඒක කවදාවත් කරන්න බෑ.මේක වහල් හිමි සමාජය වගේ එකක්.ඒක නිසා මේ රටේ දේශපාලනයත් යොහානීලා වගේ අලුත් වෙන්න ඕනි.ඒකට සුදුස්සෝ තරුණයෝ අතරින්ම මතුවේවි.එතකන් යොහානිලාට ඉන්න වෙනවා.දැන්ම ඇවිත් තමන්ගේ හැකියාව වගේම කීර්ති නාමය විනාශ කරගන්න හොද නෑ.ඒ ගැන යොහානී හිතන විදිහ හරි.තමන්ගේ ක්ෂේත්‍රයේ නිපුනයෙක් වෙන්න ඕනි.ඒකෙන් රටට කරන්න පුළුවන් සේවය විශාල එකක්.

යොහානීගේ ක්ෂේත්‍රයේ ඒකට උදාහරණ ගොඩක් තියනවා.අදත් මේ රටේ මෑත කාලීන දේශපාලනඥයාට වඩා ගරු කිරීමක් අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට තියනවා. අමරදේවලා,කපුගේලා,ජෝතිපාලලා,කේමදාස මාස්ටර්ලා දිනා ගත්ත ජනාදරය කිසිම දේශපාලනඥයෙකුට ගන්න බැරිවුණා.ඒ වගේම තමයි තමන්ගේ ක්ෂේත්‍රයේ හිමි පෙත්තට ආපු අය දේශපාලනයට ඇවිත් විනාශ වුණා.ගොඩක් උදාහරණ තියනවා.රටේ රාළ මෙතෙන්ට සුදුසුම උදාහරණයක් කියන්නම්.අපිට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්න අර්ජුන රණතුංග එහෙම කෙනෙක්.අදත් අර්ජුන ක්‍රිකට්වලට දුන්න නායකත්වයට සම කරන්න නායකයෙක් බිහි වෙලා නෑ. අර්ජුනට මුළු රටම විතරක් නෙවෙයි මුළු ලෝකයම ආදරය කළා.අර්ජුන තමන්ගේ රට වෙනුවෙන් පෙනී හිටිය විදිහ මතක් වෙනකොට අදත් ඇගේ හිරිගඩු පිපෙනවා.ඒත් අර්ජුන දේශපාලනයට ඇවිත් ඒ ප්‍රතිරූපය විනාශ කර ගත්තා.ඒ වගේ තත්වයක් තුළ යොහානී අරන් තියෙන තීරණය විශිෂ්ඨ එකක්.ඒ වගේම කියන්න ඕනි යොහානි කියන්නේ සියල්ල සම්පූර්ණ කෙනෙක් නෙවෙයි.ඇත්තටම දගකාර පුංචි කෙල්ලෙක්.හෙට දවසේ වැරදි, අඩුපාඩු වෙන්න පුළුවන්.රටේ රාළ දන්නවා අපේ සමාජයේ හැටි.එක පුංචි වැරැද්දක් ඇති කෙනෙක් විනාශ කරන්න.යොහානී ඉන්න ක්ෂේත්‍රයත් එහෙමයි.

කොහොම උනත් යොහානී කියන්නේ පෞද්ගලික ඉලක්ක වලට විතරක් නෙවෙයි. ජාතික හා ජාත්‍යන්තර මානවවාදී ඉලක්ක කිපයක් ජය ගන්න මෙහෙයවා ගන්න පුළුවන් චරිතයක්.ඒ හැකියාව යොහානි ළග තියනවා. යොහානිගේ සිංදුවක් අහලා නටලා සතුටු වෙලා විතරක් මදි.යෝහානිට රටට ගේන්න පුළුවන් තවත් ජයග්‍රහණය ගොඩක් තියනවා.ඒවා ගැනත් හිතන්න.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.

මිට
රටේ රාළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More