දේශීය පුවත්

පාකිස්ථානයේ සිට අවි ආයුධ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු LTTE සාමාජිකයින් පිළිබඳ සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට ආරක්ෂක අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකා රජයේ සහය ලබාගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අනෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා එම ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය හරහා එම සහයෝගයන් ලබාදෙනු ලබන අතර බුද්ධි අංශවල සහය ද ඊට හිමිව තිබේ.

කෙසේවෙතත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මීට අදාළ සහය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා සඳහන් කළේය.

පසුගිය මාර්තු මාසයේ පාකිස්ථානයේ සිට මෙරටට ජාවාරම් කළ අවි ආයුධ සහ හෙරොයින් සහිත ධීවර යාත්‍රාවක් සහිත ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ජාවාරමට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More