දේශීය පුවත්

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය.

පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.

රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත් නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.

එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.

මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.

කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More