දේශීය පුවත්

කිසියම් දුරකථන සමාගමක් මගින් පාරිභෝගිකයකු මිලදී ගන්නා දුරකථන අංකයෙහි අයිතිය පාරිභෝගිකයා සතු බැවින් එම අංකය වෙනත් දුරකථන සේවා සමාගමක් හා සම්බන්ධ කර සේවා ලබාගත හැකි බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.

ඒ අනුව කිසිදු දුරකථන සේවා සමාගමකට ගැති නොවී තමා සතු දුරකථන අංකය වෙනත් ජාලයක් කරා රැුගෙන යෑම සඳහා නෛතික අවකාශයක් ලැබෙන බව ඒ මහතා සඳහන් කළේය.

පොදුවේ එක් එක් පුද්ගලයාට අනන්‍ය වන දුරකථන අංකයක් ලබාදීම සඳහා විදුලි සංදේශ කොමිෂන් සභාව කටයුතු කරන බවත්, ඒ අනුව සන්නිවේදන සේවා සපයන්නා වෙත ගැති නොවී තමන්ගේ අංකය තමන්ට අනන්‍ය ලෙස පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන සහ තාක්ෂණික කටයුතු දැන් අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා පවසා සිටියේය. ඔහු මේ බැව් පැවසූවේ ඊයේ (14 දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

දත්ත මැකීයෑම පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා තමන් මීට මාස දෙකකට පෙර තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය භාරගත් බවත් ඒ අනුව රාජ්‍ය දත්ත ගබඩාව සඳහා නව ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More