ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ මේ වනවිට උද්ගත වී ඇති තත්වයට ආණ්ඩුවෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණ හොත් වර්ජනයකට යෑමට තීරණය කළ බවත් රජය දක්වන ප්‍රතිචාරය අනුව වර්ජනය ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණය වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුකරු රංජන් ජයලාල් පවසයි.
විදුලිය බල ක්ෂේත්‍රය පිළිබඳව ආණ්ඩුව හොර හරසේ එළඹි ගිවිසුම් ජනතාවට හෙළි කිරීමට කාලය ලබාදෙන බව අවධාරණය කරන ඔහු, පසුගියදා රාත්‍රී 11.35ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ජෙට් යානය කාගේද? ඒ පැමිණි අයත් සමඟ ගිවිසුමක් අත්සන් කළාද? යන්න රජය රටට හෙළි කළ යුතු බවත් සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යවරුද නොදැණුවත්ව රජය ගිවිසුම් අත්සන් කර ඇති බව දැනගන්නට ඇති බව සඳහන් කළ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුකරු රංජන් ජයලාල් පවසන්නේ කැබිනට් මණ්ඩලය තුළින්ම රජයට විරෝධය එල්ල වෙමින් තිබෙන බවය.
විදුලි බලමණ්ඩලය වර්ජනය කළහොත් විදුලිය සැපයුම විසන්ධිවීමෙන් ජනතාව දැඩි පීඩාවකට පත්වීම පිළිබඳව අවධානය යොමු කර වර්ජනයට යෑම ප්‍රමාද කරමින් සිටින බවත් කෙසේ වෙතත් වර්ජනයේ ආරම්භය අද හෝ හෙටද යන්න කිවනොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...