වර්තමාන ආණ්ඩුව යටතේ අනුගමණය කරමින් තිබෙන ක්‍රියාමාර්ග නිසා කාන්තාව යළිත් වරක් ලිප්ගල් තුනට කොටු කිරිමේ උත්සාහයක් තිබෙන බැවින් ඊට එරෙහිව නැගී සිටින ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානය ඊයේ (14) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළේය.
“කාන්තාවන්ගේ මූලික බලාපොරොත්තුව තුන් වේල කාලා දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙන්න. ඔවුන් ඡන්දය දුන්නේ මේ මූලිකම අරමුණු ඉටුකර ගන්න සිහින දකිමින්. ජනාධිපතිවරණය එනකොට ජනතාව තුළ අසීමිත බයක් නිර්මාණය කරලා “කන්න නැතත් ඉන්න රටක් ඕනෑ” කියන ආදර්ශ පාඨය ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව එහෙම බලයට පත්වී ජාතික සම්පත් විකුණමින්, රට ණය කරමින් බදු වංචා කරමින් අසීමිත ධනයක් කොල්ලකමින් ජනතාවගේ බඩට ගහනවා. දැන් ඉන්න රටකුත් නැහැ – කන්න දේකුත් නැහැ. එක වෙලාවක හාල් මිල ප්‍රකාශ කරන්නේ හාල් මෝල් හිමියෙක්. තව වෙලාවක ගෑස් මිල තීරණය කරන්නේ ඒ ඒ සමාගම්. ඒ වගේම පාන් පිටි, කිරිපිටි මිල වැඩි කරන්නේ ඒ ඒ සමාගම්. සමාගම් හිමියන්, මෝල් හිමියන් හසුරවන ආර්ථිකයක් බවට ලංකාව පත්වී තිබෙනවා. මේ විදිහට ජනතාව හූරගෙන කන්න ඉඩ හරින්නනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. පාරිභෝගික අධිකාරියක් ඕන නෑ. පාරිභෝගික අමාත්‍යංශයක්, ඇමතිවරයෙක් ඕන නෑ. නමුත් ඇමතිවරුන් ජනතාවට කියන්නේ තුන් වේල නැත්නම් වෙල් දෙකක් කාලා ඉන්න සූදානම් වෙන්න කියලා. ලසන්ත අලගියවන්න ඇමතිවරයා, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මේ ආකාරයේ ප්‍රකාශ කරනවා.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...