දේශීය පුවත්

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” කාන්තා සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී තිබේ.

ඊයේ (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දීමෙන් අනතුරුව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද පැවසීය. “මේ විනාශ වෙලා යන්නේ, සියදිවි නසා ගන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මියැදෙන්නේ. ඒ නිසා අපි මේ ලිපිය මඟින් භාරදුන්නේ, ඉල්ලීමක් කරේ, කරුණාකරලා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා දරුවන් ව මේකෙන් මුදවා ගන්න. මොකද මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න ඒ අයට පුළුවන්. ඒවාට බාධා කරන්න, ඒවා අපේ රටට එන එක නවත්වන්න ඒ අයට පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන්න. මේ මියයන්නේ අපෙන් වෙන්වෙලා යන්නේ, අපේ රටේ අනාගත පරපුර. “

ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත යොමුකරන ලද ලිපිය පහතින්

”සභාපතිතුමා,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
අංක 276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

ප්‍රිය මහත්මයාණෙනි,

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යසනයෙන්
දරුවන් බේරාගැනීම සදහා වහා මැදිහත්වන්න

කොවිඩ් වසංගත තත්වය නිසා දීර්ඝ කාලයක් දරුවන් මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියට යොමුකිරීම නිසා ඔවුන් බරපතළ මානසික පීඩනයට ලක්වන බවට දෙමාපියන් අතර සුවිශේෂී සංවාදයක් පවතින බව ඔබතුමා දන්නවා ඇතැයි අපි සිතමු. කොවිඩ් වසංගතය නිසා උදාවූ නරක තත්වය යහපත් අතට හැරවීම සඳහා දරුවන් අතර කියවීම පුරුදු කිරීම සහ රූපවාහිනිය සහ විශේෂයෙන්ම ගුවන්විදුලිය යොදාගනිමින් අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බවට විවිධ විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කළ බවද ඔබතුමාට රහසක් විය නොහැක. නමුත් ඒ වෙනුවට ඒකම විසදුම ලෙස මාර්ගගත දේශන ක්‍රියාවලිය පමණක් දිරිමත් කිරීම වරදක් බවට දැන් සමාජයේ ගැඹුරු සංවාදයක් මතු වී ඇත.

එසේම මෙම මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය වාණිජ උවමනාවන් සඳහා අනවශ්‍ය පරිමාවෙන් ප්‍රචලිත කිරීමට “ටියුෂන් මාස්ටර්ලා” ද විශාල වශයෙන් දායක වන බව ප්‍රසිද්ධ කරුණකි. ඔවුන් දරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් අයකරන බවද රහසක් නොවේ. එසේම ඒ මගින් දුරකථන ඡාල පවත්වාගෙන යන සමාගම්වලට සහ ස්මාර්ට් දුරකථන ආනයනකරුවන්ට ද ඉල්ලමක් පෑදී ඇතත් දෙමාපියන්ට එම තත්වය මගින් බරපතළ මූල්‍යමය පීඩනයක් ඇතිවේ. කෙසේ වෙතත් මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප්‍රතිඵල පිළිබඳව විද්වත් මාතවාද රටට ඉදිරිපත් කර ඇත. නමුත් බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමුවී නැති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පාලනයකින් තොරව දීර්ඝ වේලාවක් දරුවන් රැදී සිටිම මගින් ඔවුන්ට ඇතිවන මානසික සංකූලතාවලට අමතරව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කෙරෙන “වීඩියෝ ගේම්ස්” ලෙස හැදින්වෙන විවිධ විනාශකාරී පරිගණක වැඩසටහන් නිසා බරපතළ අගතියක් දරුවන්ට සිදුවන බව දැන් ඉතා පැහැදිළිය. මෑතකාලීනව එවැනි පරිගණක ක්‍රිඩා මගින් මානසික පීඩාවට පත්වූ දරුවන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹී ඇති බව වාර්තා විය.

ඒ නිසා දුකටපත් මව්වරුන් ලෙස අප ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ අන්තර්ඡාලයෙන් ඉදිරිපත් කෙරෙන දරුවන්ට අහිතකර “වීඩියෝ ගේම්ස්” ඔවුන්ට ලබාගත නොහැකි වන ලෙස තාක්ෂණික බාධා පමුණුවන ලෙසය. එසේම මෙම විනාශකාරී තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් සහ දරුවන් ඉලක්ක කරගත් අධ්‍යාපන සහ ප්‍රචාරක වැඩසටහනක් දියත් කරන ලෙසද අපි ඔබතුමාගෙන් ඉතා ඔනෑකමින් ඉල්ලා සිටිමු. ඒසේ නොමැතිවුවහොත් මාර්ගගත අධ්‍යාපනයට මුවා වී අන්තර්ඡාල මාරයා අප රටේ දරු පරපුර ක්‍රමානුකූලව විනාශ මුඛය කරා රැගෙන යනු ඇත. දෙමාපියන් ලෙස මේ විනාශය දෙස තවදුරටත් ඉවසීමෙන් බලාසිටිය නොහැකි බවද අපි ඔබතුමාට ඉතා කරුණාවෙන් අවධාරණය කරමු.

මේ වගට,
ප්‍රියංගා කොතලාවල,
ජාතික සංවිධායිකා
ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය
2021.10.14.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More