දේශීය පුවත්

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය ඊයේ (13) දිනයට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව එතුමන්ගේ උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම සිදුවිය.

එම අවස්ථාවාට සහභාගි වූ අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් සියල්ල පසෙකලා ගුරුවරු විසින් දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කළයුතු යැයි යෝජනා කර සිටියහ.

එහිදී අදහස් දැක්වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියෝ,

“මම ඉතාම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි සියලුම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබාදීම. එබැවින් මේ මොහොතේ මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේ ඒක. නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More