මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ කනිටු පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පන්දුවාර 50 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුළ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ජාතික සහ ක්‍රීඩා සමාජ මට්ටමේ රග්බි ක්‍රීඩකයකු වන රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා යුධ හමුද කණ්ඩායම සහ කොළඹ CH&FC ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කළා.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝහිත රාජපක්ෂ අද මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවති කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජයේ පුහුණු තරගයක් සඳහා එක්වූ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 27 වනදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීමට ප්‍රථම අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන අතර ඔවුන් මෙවර පන්දුවාර 50 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී දෙවැනි කාණ්ඩයේ යටතේ තරග සඳහා එක්වීමට නියමිතයි.
විචාරකයින් පවසන්නේ රෝහිත රාජපක්ෂගේ මෙම හදිසි ක්‍රිකට් ආගමනය ඔහුගේ අනාගත සැලැස්මක කොටසක් විය හැකි බවටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සිදුවන ක්‍රිකට් මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාර ධූරය හැර අනෙක් සියලු විධායක මට්ටමේ තනතුරු සඳහා අවම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හා අනුබද්ධ දෙවෙනි පෙල ක්‍රීඩා සමාජයක හෝ අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රීඩා කළ යුතු ව තිබීම අත්‍යාවශ්‍ය සුදුසුකමක් ලෙස සැලකෙනවා.
කෙසේ නමුත් මේ පිළිබඳව රෝහිත රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, තමාට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට හෝ එල්පීඑල් සඳහා ක්‍රීඩා කිරීමට අදහසක් නැති බවයි.
රෝහිත රාජපක්ෂ සඳහන් කළේ තමා මේ වන විට රග්බි 7 තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටින බවත් එස් තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...