දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ වි‍දේශ සංචිත අගය සෘණ අගයක් දක්වා පහත බැස තිබෙනවා. මහ බැංකු ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් වාර්තා වන්නේ පළමු වරටයි.

ඒ අනුව මහ බැංකුව සතු විදේශ සංචිත වත්කම් ප්‍රමාණයට වඩා මහ බැංකුව විසින් ගෙවිය යුතු ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

විදෙස් රටවලින් සහ මුල්‍ය ආයතනවලින් විටින් විට ලබා ගන්නා ණය සහ ඩොලර් හුවමාරු මගින් විදේශ සංචිත පහළ යාම සීමා කිරීමට උත්සාහ දරමින් සිටින නමුත් එය කෙටිකාලීන විසඳුමක් පමණක් වන අතර අනෙක් පැත්තෙන් එවැනි ක්‍රියාමාර්ග දිගුකාලීන ලෙස රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරයි.

පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.

විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඇතැම් වාණිජ්‍ය බැංකු, භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර ‍ඩොලර් විකිණීමද දැඩිලෙස සීමා කර තිබෙනවා. මේ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පවා දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More