දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ භාරතීය ජනතා පක්ෂයේ නායක, ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණ.

ඉන්දියාවේ අමාත්‍යධූර කිහිපයක් හොබවා ඇති ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සම්බන්ධතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහය විය යුතු බවට සෘජුවම පෙනී සිටි අයෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වූයේද සුබ්‍රමනියම් ස්වාමි මහතාය.

ස්වාමි මහතා ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු මෙන්ම සංඛ්‍යා ලේඛනඥයකුද වෙයි.

සුබ්‍රමනියම් ස්වාමි මහතා නැවතත් හමුවීමට ලැබීම සතුටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම හමුවේදී පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More