මෙරටට ආනයනය කරනු ලබන සීනි සහ සැමන් සඳහා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුවද, එම කොන්දේසිය සපුරාම බිඳ දමා ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවට ලබාදී ඇති වාර්තාවක තොරතුරු වලින් මේ බව අනාවරණය වේ. දුඹුරු සීනි ආනයනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 72ක් අදාළ අනුකූලතා සහතික ලබාගෙන නොතිබිණි. 2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා මොවුන් අවස්ථා 942දී සීනි ගෙන්වා තිබූ අතර එයින් පරීක්ෂාවට ලක්කර තිබුණේ අවස්ථා 40කදී පමණක් බව එම වාර්තාවේ දැක්වේ.
ටින්මාළු ආනයනය කිරීමේදී ලියාපංදිංචි නොවූ නිෂ්පාදකයන් ඇමරිකානු ඩොලර් 50,602,041 වටිනා ටින්කළ මාළු සවිස්තරාත්මක නියැඳි පරීක්ෂාවකට ලක්කර නැති බව අනාවරණය වේ. මෙම ටින්මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200 ආසන්න ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...