” පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්.” යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය .
ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්ති සාකච්ඡාව මෙය වූ අතර , එය ” ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය – යොහානි ද සිල්වා ” යනුවෙන් නම් කර තිබුණි .
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ” දිනවමු මව්බිම පදනම ” විසින් සංවිධානය කර තිබූ අතර , එය මීගමුව , පමුණුගම , ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් රෙස්ටුරන්ට් හී දී පැවැත්වුනි .
මෙහිදී අදහස් දැක්වූ ගායිකා යොහානි ද සිල්වා මෙසේ පැවසුවාය .
මගේ ජනප්‍රියත්වය මාස දෙකක් , තුනක් තුළ හදිසියේම ඇති වූ දෙයක් . ඒ ජනප්‍රියත්වය මොන විදියට ද සිදු වුණේ කියල , මමත් තවම දන්නෙ නෑ .
මේ සියල්ලට මගේ ” ලුණු ” නැමැති සංගීත කණ්ඩායමෙන් සහයෝගය ලැබුණා .
මම 2019 වසරේ දී ගණකාධිකරණය විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා , ලංකාවට ආවා . එහිදී මට තෝරා ගැනීම් දෙකක් කරන්න සිද්ධ වුණා . එකක් ඕස්ට්‍රේලියාවේම පදිංචි වෙලා ගණකාධිකාරීවරියක් වීම . අනෙක ශ්‍රී ලංකාවට ඇවිත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම .
මෙම ලංකාවට ආව . ඇවිත් සංගීතය මුල ඉදලා ඉගෙන ගත්තා .
මගේ මාපියන් මට ඒ සදහා ලොකු සහයෝගයක් ලබා දුන්නා .
මට දැනට රටවල් ගනනාවකින් ජාත්‍යන්තර සංගීත ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . මේ අවුරුද්දෙ දෙසැම්බර් වීමට පෙර ඩුබායි සහ ඕමානයේ සංගීත ප්‍රසංග සදහා යා යුතු වෙනවා . එසේම ඇමෙරිකාවේ , එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් ගනනාවක ද , ඉදිරි වසර තුළ ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . යැයි ද පැවසුවාය .
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ඇයගේ ජනප්‍රියතම ” මැණිකේ මගේ හිතේ ” ගීතය සහ තවත් ඉංශ්‍රීසි ගීතය කොටසක් ද ගායනා කළාය .
ඉන්පසුව විවිධ ආයතන සහ සංවිධාන රාශියක් විසින් ඇයට විවිධ ත්‍යාග ලබා දීම ද සිදු කෙරුණි .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...