දේශීය පුවත්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2021 ඔක්තෝබර් 08 දින ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා නවදිල්ලියේ පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමු විය.

ජාතික ආරක්ෂක උපදේශක ඩොවාල් මැතිතුමා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත් අතර, එතුමා සමඟ ඉතා සුහද කථා බහක ද නිරත විය. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා දෙරටේ අන්‍යෝන්‍ය උපායමාර්ගික අවශ්‍යතා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිය “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ග 2021/2023” නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ද ඩොවාල් මැතිතුමා වෙත පිළිගැන්වී ය.

ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා ඉන්දියාවේ පස්වැනි ජාතික ආරක්ෂක උපදේශකවරයා වේ. එතුමා කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක පිහිටුවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More