දේශීය පුවත්

රිමාන්ඩ් බාරයේ සිටින නාකොටික් නිලධාරීන් හා ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (12) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් වගකීම සතුවන්නේ තමන්ට බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයට බාර දෙන්නේ තාවකාලිකව බවත් මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

ඒ අනුව එම සැකකරුවන්ට සිදුව ඇත්තේ කුමක්දැයි බන්ධනාගාරය අධිකරණයට වාර්තා කළ යුතුව ඇති බැවින් එසේ නොකළේ මන්දැයි ඉදිරි නඩුදිනයේදී අධිකරණයේ පෙනී සිටිමින් නිදහසට කාරණා ඉදිරිපත් කරන ලෙසත් මෙහිදි බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

සැකකාර නාකොටික් නිලධාරීන් විසින් වැටලීම්වලින් භාරයට ගනු ලැබූ හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (12) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More