දේශීය පුවත්

“ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා…” යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව වු පියෙක් හඬා වැලපෙමින් කීය.

බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු අශේන් සිසුවාගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී ඊයේ (11) සොයාගැනීමෙන් අනතුරුව අශේන් ගේ පියා හඬා වැලපෙමින් එසේ ආයාචනා කළේය.

ඔහු මහන්සි වී බුලත්විට විකිණීමෙන් උපයාගත් මුදලින් කොටස් වශයෙන් ගෙවීමට තම පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ අශේන් ගේ අනාගතය සාර්ථක කිරීමේ බලාපොරොත්තුවෙනි.

නමුත් ඔහුට අද හිමිව ඇත්තේ දුක සහ ශෝකයයි.

46 හැවිරිදි මෝලි වික්‍රමාරච්චි 43 හැවිරිදි අශෝකා රංජනී යන දෙපළගේ එකම පුතු වූ ඉසුරු අශේන් බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුවෙකි.

අධ්‍යාපනයට මෙන්ම නර්ථනයටද එකසේ හපන්කම් දැක්වූ අශේන් මියයන විට 11 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.

මව්පිය දෙපළට ඇස් දෙක ලෙස සිටි අශේන් ඔවුන්ගේ ආදරය මෙන්න අසල්වාසීන්ගේ හා ඥාතීන්ගේ ද ආදරය නොමඳව දිනාගනිමින් කෙළිදෙලෙන් කල්ගෙවූ දරුවෙක් බව අසල්වාසීන් අප සමග පැවසීය.

අශේන්ගේ පියා හැඬ කඳුළින් අප සමඟ පවසා සිටියේ මෙවන් දෙයකි.

“දවල් 2.45 ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා විට එකක්වත් නෑ ගේන්න කියලා. මම ඒ එක්කම පුතේ කිව්වා. පුතා ටක් ගාලා ආවා. ඒ එක්කම මම පුතාට කිව්වා පුතේ විට ටික ඉක්මනට ඔතන්න ඕනෙයි කියලා. අනේ ඒ වෙලා අපේ පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න මම ඉක්මනට ඔතන්නම් කියලා. මම බුලත් විට ටික බෑග් එකට දාගෙන ඉස්සරහට එතකොට පුතත් මගේ පස්සෙන්ම ආවා. පස්සෙ මම ත්‍රීවිල් එකක් අරං කඩේට යන්න ගියා. පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කරත් එයා කතා කරේ නැහැ.පුතාගේ පුරුද්දක් තිබ්බා මම කොහේ ඉඳලා එක පාරක් කතා කලත් ඇයි තාත්තා කියලා අහනවා. මම කාමරයේ බැලුවා ඒත් පුතා පේන්න හිටියේ නැහැ. මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක්‍රීට් එකේ එල්ලිලා ඉන්නවා දැක්කා. මම  පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලියන්න උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුණා. විනාඩි 5ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා අනේ අයියෝ.”

දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමේදී  දරුවාගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද විවිධ මිල ගණන් සඳහන් ඩේටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

තවද ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සියයකට ආසන්න ප්‍රමාණයෙන් 99% ක් පමණ  (විවිධ ක්‍රීඩා) ගේම් ඡායාරූප මෙන්ම  ඊට අදාළ වැකි සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව එම දරුවා දැඩිව ගේම් ගැසීම සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

දරුවාගේ මළ සිරුර හොරණ  මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිතය.

https://youtu.be/XvPVg8ANnBY
(උපුටා ගැනීම අද දෙරණ)


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More