දේශීය පුවත්

මේ මොහත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් බවත් මේ මොහොතේ යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පලාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීම බවත් ”56 දරුවෝ” සංවිධානයේ අනුශාසක පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

උනවහන්සේ මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි මෙසේද පැවසීය.

”රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සහිත යෝජනාව එක්ක ආපු තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා. එහි තිබිච්ච අඩුපාඩුකම් එහි තිබිච්ච දුර්වලතා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක රට ඉස්සරහට යන්න බෑ කියලා කියන තීන්දුවට එන්න සිද්ධ වුණා. ඒ්නිසා ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කරලා තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේ ම වචනවලින් කියනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්. ඒක නිසා ප්‍රජා යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම. රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණයට ආවේණික දුර්වලතා වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සලකලා බලලා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමග රට වාර්ගික විරසකයන් ගෙන් පෙළෙන වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් විදියට අඳුනාගෙන තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාව.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් මේ වෙලාව. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොටම නිරායාසයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වීමට නියමිතව තියෙනවා. ඒක නිසා අපි දන්නවා දැන් මේ වෙලාව ඔය යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල එකී පළාත් සභා මැතිවරණ යෝජනා ගෙනල්ලා අලුතින් පළාත් පලාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පලාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීමයි.

රට වෙනස් කිරීමට නම් ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුවම තියෙනවා .ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වැදගත්. හැබැයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමත් එක්කම වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කොහොමද කොයි ආකාරයටද මොනවද එහි එන යෝජනා කියලා. මට මතකයි දැනට අවුරුද්දකට හමාරකට පමණ පෙර මහජන යෝජනා ගත්තා. මමත් පෞද්ගලිකව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික සංවිධාන විසින් විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාව පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ මහජන නියෝජිතයින් ඉස්සරහ මහජනතාවගේ විද්වතුන්ගේ වියතුන්ගේ අදහස් සලකා බලලා ව්‍යවස්ථාව සකස් කළ යුතුව තියෙනවා. රටට හිතවත් ඒ වගේම අනාගතයට යහපත් දේශප්‍රේමයේ වර්ගවාදී විරසකයන් ගෙන් තොර රටක් බිහි කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි කියලා කියන අදහස එදත් අපි එකඟ එකඟ වුණා. අදත් අපි එකඟ වෙනවා . ඒක නිසා මේකට අපි සහයෝගය පළ කරනවා .”

එහිදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න සහ පිළිතුරු

ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා නව ව්‍යවස්ථාව වර්ෂයක් ඇතුළත ගේනවා කියලා. පොදුජන පෙරමුණේ සභාපතිතුමා කියනවා ලබන වසරේ මැදභාගය ට පෙර පළාත් සභා මැතිවරණය තියෙනවා කියලා. ඉතින් කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ගෙන්නේ .

පිළිතු‍ර – ඇත්තටම කිවුවොත් එහෙම සාමූහික ප්‍රකාශයන් කිරීම කාගේ කාගෙත් වගකීමක්. ඒ අනුව බලාගෙන ගියාම දැනට රටට අත්‍යවශ්‍ය වන්නේ පළාත් සභා ගෙනල්ල නැවත පිහිටුවීම නෙවෙයි. අවශ්‍ය වන්නේ රටට හෙට දවස සඳහා වන යහපත් රටක් සකස්කර දීම. ආසන්නවම ඉදිරිපත් වෙලා තියෙන බඩු මිල ඉහළ යාම, ආසන්නම ඉදිරිපත් වෙලා තියෙන වැටුප් ගැටලුව, ආසන්නවම ඉදිරිපත් වෙලා තියෙන රාජ්‍ය යාන්ත්‍රණයේ නොවිධිමත් අවිධිමත් භාවය වගේ දේවල් ආසන්න ගැටලු. ඒවත් විසඳීම උදෙසා දීර්ඝකාලීනව යාන්ත්‍රණය සකස් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන එක . ඒ අතරවාරේ පිළුණු වෙච්ච යටගිය පළාත් සභා යෝජනාවක් නැවත ගෙන එන්න පක්ෂයකම නායකයෙක් යෝජනා කරනවා නම් හෝ ඒ සඳහා සකස් කිරීම් කරනවා නම් හෝ මම හිතන්නේ එතැන නොවිධිමත් භාවයක් එහෙමත් නැත්නම් නොගැලපෙන සුළු ස්වභාවයක් පෙන්නුම් කරනවා. අවශ්‍ය වෙන්නේ ආණ්ඩුකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැවත ගෙන ඒම කියන කාරණාවත් එම ව්‍යවස්ථාව රටට හිතවත් ව්‍යවස්ථාවක් බවට පත් කිරීම මිසක් පළාත් සභා යෝජනාව අලුත් කරලා යාවත්කාලීන කරලා අලුත්වැඩියා කරලා ගේන එක නොමෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More