දේශීය පුවත්

ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබෙනවා.

අමාත්‍ය අනුකමිටුව විසින් ගුරු විදුහල්පතිවරුන් සදහා හිමිවිය යුතු සමස්ථ වැටුප අදියර 3 ක් යටතේ ලබාදීමට ගත් තීරණය වෙනුවට එම වැටුප අදියර 02 ක් යටතේ ලබාදීමට අග්‍රාමාත්‍යවරයා එහිදී එකගත්වය පළකර තිබෙනවා.

ඉන් එක් අදියරයක් යටතේ වන වැටුප් කොටසක් ලබන වසරේ ජනවාරි මාසයේදීත් අනෙක් වැටුප් කොටස දෙවන අදියර වශයෙන් 2023 වසරේ ජනවාරි මාසයේදීත් ලබාදීමටයි අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට දිනයේදී රැස්වී අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී කියා සිටියේ.

ඒ අනුව ගුරු විදුහල්පති වෘත්තීය සමිතීන්හි අවසන් තීරණය හෙට (13) දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි ගුරු වෘත්තීය සමිති වැඩිදුර සඳහන් කර සිටියේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More