දේශීය පුවත්

ප්‍රතිශක්ති ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට හා පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අවසර දී ඇති ඕනෑම කොවිඩ්-19 එන්නතක් තෙවැනි මාත්‍රාවක් (බූස්ටර්) ලෙස ලබාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) එන්නත් උපදේශක කණ්ඩායම නිර්දේශ කර තිබේ.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන්වන මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශ කමිටුව නිර්දේශ කර ඇත්තේ.

සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් වෛරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වෛරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමින්.ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, එලෙස වෛරසය අඩපණ කර එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ වැනි ක්‍රොමසෝම එන්නතක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බවයි.

විශේෂයෙන් එන්නත්කරණය ලැබූවද ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සඳහා කොරෝනා එන්නත් තුන් වන මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනනේ ඩෙල්ටා වැනි ප්‍රභේද ආසාදනය වීමේ අවස්ථාවක් පැවතීම හේතුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More