දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (11) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල වැඩි නො කිරීමට තීරණය කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී තිබෙනවා.

ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ මොහොතේ කිසිසේත්ම ඉන්ධන මිල වැඩි කිරීමටකට නොයා යුතු බවයි.

ජනතාව මත බර නොපටවා රජය එය දරා ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.මේ අතර ඉන්ධන මිල ගණන් යළිත් වැඩි කළහොත් බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් පාඩුව රජය දරාගෙන හෝ බස් ගාස්තුව ඉහළ නොදැමීමේ ක්‍රියාමාර්ගයකට යා යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහනුවර දී ඊයේ ප්‍රකාශ කළා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More