කිරි ගවයින් 15000දෙනා ආනයනය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 17,496.7 ක මුදලක් (මිලියන 174,967) 2018 වර්ෂයේ මැයි 08 වැනිදා කොන්ත්‍රාත්කරුවකු වෙත මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය විසින් ගෙවා රජයේ මුදල් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාළව නිකුත්කොට ඇත.
අසාර්ථක ව්‍යාපෘතියක් බවට විගණන වාර්තා මගින් සඳහන් කර තිබියදී එය නොසලකා හරිමින් මෙය සිදු කර ඇති බවට විගණන වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම 2020 අගෝස්තු 31 දා වන විටත් කිසිදු කිරි ගවයකු ආනයනය කර නොතිබූ බව ද කොන්ත්‍රාත්කරුට අත්තිකාරම් ගෙවීම් විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ගෙවා තිබූ බැවින් ඒ සඳහා වන පොලිය හා විදේශ විනිමය අවප්‍රමාණය වීමේ අලාභය ද ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ අසාර්ථක භාවය පැහැදිලි වී තිබියදී අත්තිකාරම් ගෙවීම නිසා රජයේ මුදල් වෙනත් පාර්ශ්වයක් විසින් අවභාවිතා වීමක් සිදුව තිබූ බව ද විගණන වාර්තාව මගින් අනාවරණය කර තිබේ. ගොවිපොළ මගින් ලබාගත් වාර්තා අනුව මීට පෙර ගෙනා සතුන් අසාර්ථක බව විගණනය විසින් පෙන්වා දී තිබුණි. ඒ පිළිබඳ අවධානය යොමු නොකොට 2018 වර්ෂය තුළ මීට පාර්ලිමේන්තු ප්‍රතිපාදන නොතිබියදී ඉතිරි සතුන් 15000 ක් ආනයනය කිරීම සඳහා වූ මුදලින් සියයට 20ක අත්තිකාරම් මුදලක් වූ රුපියල් මිලියන 1,749,67 ක් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...