දේශීය පුවත්

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ කොවිඩ් මර්දනය සඳහා පැනවූ සීමාවන් ඉවත්කිරීම තුළ වෛරස ව්‍යාප්තිය ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, කිසිසේත් ම ජනතාව අවදානමෙන් මිදී නොමැති බවය.

“තාමත් අපි කියන්නේ එක්තරා ආකාරයකට අඩුවීමක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දකින්න පුළුවන් දෙයක්. නමුත් අපි මේ වෙලාවේ රෝගය පැතිරීමට ඉඩදෙන අවස්ථා මඟහැරීමට ගත් තීරණ ගණනාවක් අයින්කරලා කරලා තියෙනවා. එවන් තත්ත්වයක් තුළ නැවත මේ රෝගය වැඩිවීමට අවකාශ වෙනදාට වඩා වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ අපි සියලුදෙනාම සෞඛ්‍ය පුරුදු සහ සංචරණ කටයුතු අපට කළ හැකි උපරිමයට සීමා කරගෙන කටයුතු කළොත් මේ අඩුවීම තවදුරටත් පවත්වාගෙන යමින් සාධාරණ ලෙස අපිට පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් සංඛ්‍යාව පහළට ගෙන ආවොත් අපිට සමාජිය හා ආර්ථික කටයුතු ඉදිරියට කරගෙන යමින් නව සාමාන්‍යයක් කරා අපට යන්න පුළුවන් වෙයි.”

ප්‍රශ්නය – අපිට 2019ට පෙර තිබු සාමාන්‍ය යුගයට යන්න තව කොච්චර කාලයක් යයි ද?

“එකනම් කොහෙත්ම කියන්න බෑ. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නෑ අපිට ඒ සාමාන්‍ය කියන එක අයෙත් අපිට ළඟා වෙන්න පුළුවන්ද කියන එක. අපි නව සාමාන්‍යකටයි යා යුත්තේ. ඒ කියන්නේ පෙර පැවති තත්ත්වයට අපිට කොහොමත් යන්න බෑ. මේ කොවිඩ් රෝගයෙන් අපිට නිදහස් වෙන්නත් අපි දන්නේ නෑ තව දශක ගාණක් යන්න පුළුවන්. ඒ නිසා අපි මේකෙත් ආරක්ෂාවීමට නම් සෞඛ්‍ය පුරුදු පිළිපැදීමයි වැදගත් වන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More