දේශීය පුවත්

කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ ඉයේ (11) පැවති වැඩසටහනකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බවයි.

“ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය, මේ දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින අවස්ථාවකයි තමුන්නාස්සේලා අපි මේ අමතන්නේ. අපෙන් වුණ අඩුපාඩු මොනවා ද?, වැරදි මොනවාද ? නොවිය යුතුව තිබුණ දේවල් මොනවා ද කියන එක හරියට තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර 3 තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ට නොහැකි කරුණක් නෙමෙයි. හැබැයි ඒකේ දී අපි අවංක වෙන්න ඕනේ. ඒකේ දී මිනිස්සු හිතන විදිය ගැන තේරුම් ගන්න ඕනේ. ඒකේ දී අපි මහජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැන දීලා වැඩ කරන්න ඕනේ. එහෙම නොවෙනවානම් අපි කොයි තරම් අතීතය ගැන ආපසු හැරිලා බලලා නිවැරදි කියවා ගැනීමක් කර ගත්තත් භාවිතයේ දී එය ජයගැනීමට අපිට පුළුවන්කම ලැබෙන්නේ නෑ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ඕනෑම උවමනාවක් වෙනුවෙන් ගතයුතුව තිබෙන තීරණ නොගෙන කරඅරින්නේ නැති පාලන තන්ත්‍රයක් තමයි මේ රටේ පොදු ජනතාව එදා අපේක්ෂා කළේ. පොදු ජනයාගේ එම අපේක්ෂාවන් සමග සෙල්ලම් කරන්න අපට අයිතියක් නෑ. ඒ විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නෑ. වසංගතයක් එක්ක ජීවත්වෙන්න වුණ නිසා කළ යුතුව තිබුණ සමහර දේවල් අපෙන් මඟ හැරිලා තියෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමු කරලා කළ යුතුව තිබුණ දේවල් නොවී තිබෙනවා. මේවා වෙනස් කර ගන්න අපට තවමත් කල් තියෙනවා. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More