දේශීය පුවත්

රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ සැබෑ ජනතාවාදී නායිකාවක් වීමට හැකිවූයේ එතුමිය සමඟ වැඩ කළ හැකි අවංක ඇමති මණ්ඩලයක් සිටි නිසා යැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 1970 ආණ්ඩුවේ මෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 1956 ආණ්ඩුවේ සිටි ඇමති මණ්ඩලය 1947න් පසු මේ රටේ ආණ්ඩුවල සිටි ඉතා ප්‍රබුද්ධම ඇමති මණ්ඩල බව කී හිටපු ජනාධිපතිවරයා පසුගිය වසර තුන හතරේ සිටි ආකාරයේ ඇමතිවරු සමයේ සිටියා නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය වූ දිනට බොහෝ පෙර ඝාතනය වීමට ඉඩතිබූ බව ද කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු නායිකා, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණසමරුව නිමිත්තෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (10) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More