දේශීය පුවත්

පාසල් කිහිපයක විදුහල්පතිවරුන් දෙසැම්බර් 31 වනවිට විශ‍්‍රාම යෑමට නියමිත බවත් ජනපි‍්‍රය පාසල් රැසක විදුහල්පතිවරුන් සේවා දිගුවක් ලබාදෙන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ පැවැසීය.

ඒ අනූව කොළඹ රාජකීය, විශාඛා, ආනන්ද ඇතුළු ජාතික පාසල් 90 කට නව විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම වැඩබලන විදුහල්පතිවරුන් ලෙස 5,000 ක් සේවය කරන බවද හෙතෙම කීය.

රාජ්‍ය සේවයේ වසර 60 දක්වා තෘප්තිමත්ව සේවාවක් කර වෙනත් අයට ද එම අවස්ථාව ලබාදී විශ‍්‍රාම යෑමට පුරුදු විය යුතු බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා පාසල්වලට විදුහල්පතිවරුන් තෝරා ගැනීම සඳහා ගැසට් කර අයදුම්පත් කැඳවා තිබෙන බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More