ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.
කිලෝ ග්රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101 ක් වන අතර කිලෝ ග්රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.
මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමක් බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වුවද රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමාවන් ඉවත් කිරීමෙන් පසුව ගෑස් සමාගම් විසින් හිතු මතේ මිල තීරණය කරමින් සිටින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...