13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්‍ෂයේ පිරිසක් ලබන සතියේ නවදිල්ලියට යනු ඇත. ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිවසේදී ඉන්දීය විදේශ ලේකම් ෂින්ගි‍්‍රයා සමග ද්‍රවිඩ සන්ධාන නායකයා ඇතුළු නියෝජිත පිරිස කළ සාකච්ඡාවේදී නවදිල්ලියට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේ.
ඉන්දීය විදේශ ලේකම්වරයා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමග පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබිණි.
විශේෂයෙන් 13 වැනි සංශෝධනය යටතේ පොලිස් සහ ඉඩම් බලතල ලබාගැනීම ගැන නවදිල්ලියේ සාකච්ඡාවලදී ද්‍රවිඩ සන්ධානය අවධානයට යොමු කරන බව ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...