දේශීය පුවත්

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය,රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගත්තා ය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් මහත් හරසරින් පිළිගැනිමෙන් අනතුරුව, නම් කළ තානාපතිනිය ගෞතම බුදුන් වහන්සේට වන්දනා කොට සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූවාය. රුසියාවේ රුඩ්න් විශ්වවිද්‍යාලයේ පශ්චාත්උ පාධිය හදාරන පූජ්‍යපාද සූරියවැව ඥානදස්සි ස්වාමීන් වහන්සේ, නව තානාපතිනිය තම ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ඣායනය කොට ආසිරි පැතූහ.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ මහාචාර්ය ලියනගේ මැතිණිය, ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති රාමුව තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කොට ඇති දැක්ම සාක්ෂාත් කර ගැනීමට එකම කණ්ඩායමක් ලෙස කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම සහ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍ර සබඳතා තවදුරටත් ඉහළ තලයකට ගෙන යාම පිළිබඳව අවධාරණය කළාය.

2021 ඔක්තෝබර් 05 වැනි දින රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊගෝර් බොග්ඩෂෙව් මහතා හමුවූ නම් කළ තානාපතිනිය, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ලද පත්වීම නිල වශයෙන් දන්වමින් සිය අක්තපත්‍රයේ විවෘත පිටපත් පිළිගැන්වූවාය. ඉන් අනතුරුව පැවති සංවාදයේදී, තානාපති ලියනගේ මහත්මිය ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ගැන සඳහන් කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන සෑම අංශයක් තුළම දෙරට අතර බහුවිධ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා වන සැලසුම් ඉදිරිපත් කළාය. ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යක්ෂ බොග්ඩෂෙව් මහතා, ලියනගේ මහත්මියගේ රුසියාවේ ධූර කාලය සාර්ථක වන්නට සුබ පැතූ අතර, ඇයගේ රාජකාරි ඉටු කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය.

පළපුරුදු විද්වතෙකු වන තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය, රුසියාව බලා පිටත්ව යාමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙසද කටයුතු කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More