දේශීය පුවත්

සීනි තොග සඟවා තබා ගැනීම පිළිබඳව පසු ගිය දිනවල මෙරටින් වාර්තා වුණා. මේ හේතුවෙන් මෙරට සීනි මිලද ඉතා සීග්‍රයෙන් ඉහළ යනු ලැබුවා. මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයා බලා සීනි තොග සඟවා තබා ගනු ලැබූ ගබඩා වටලනු ලැබුවා.එසේ සොයා ගත් සීනි තොග සමූපකාර සහ සතොස වැනි ආයතන වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුදා හරිනු ලැබුවා. මෙලෙස මුදා හරිනු ලැබූ සීනි රුපියල් 128ක් වැනි උපරිම සිල්ලර මිළකට අලෙවි කරන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් කුරුණෑගල හිරියාල තොග අලෙවි මධ්‍යස්ථානයේ නීති විරෝධී ලෙස සීනි තොග මිළ රුපියල් 122කට අලෙවි කිරීමක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුටයි.එම මාධ්‍යවේදියා මේ පිළිබඳව විමසීමට කුරුණෑගල හිරියාල සමූපකාර සමිතිය වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්තා. එහිදී එහි ප්‍රකාශිකාවක සඳහන් කලේ තොග මිළ රුපියල් 122ක් වන බවයි. මේ පිළිබඳව ඔහු පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුවත් කර තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු මාධ්‍යවේදියාට ප්‍රකාශ කරනු ලැබුවේ මෙලෙස විකිණීම රුපියල් ලක්ෂයක දඩයක් පැනවිය හැකි වරදක් බවයි. මෙම වංචාව රටට හෙළි කිරීම සඳහා කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් වන බිමල් රුහුණගේ කුරුණෑගල හිරියාල තොග අලෙවි මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා. එහිදී ඔහු සීනි මිටියක් මිළදී ගත්තද ඔහුට බිල්පතක් නොදීම සම්බන්දයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් රුහුණගේට එහි සිටි පිරිසක් පහර දී තිබෙනවා. එම පහර දීම සම්බන්දයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු එම ස්ථානයෙන් පිටවීමට උත්සහ කලත් එම පිරිස ඉඩ ලබා දී නැහැ. කුරුණෑගල හිරියාල සමූපකාර සමිතියේ සභාපතිවරයා යැයි කියා ගන්නා අයෙක් සහ ඔහුත් සමඟ සිටි පිරිස ප්‍රාදේශීය මාධ්‍යවේදියා සතුව තිබු කැමරාවටද පහර දී ඇති අතර එහිදී කැමරාව කැඩී ගොස් තිබෙනවා.එහි දර්ශන මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් ඊයේ (9) දහවල් වාර්තා කර තිබු අතර එහිදී කුරුණෑගල හිරියාල සමූපකාර සමිතියේ සභාපතිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා මාධ්‍යවේදියාට බැන වැදුනේ මෙලෙසින්. “මේක මාධ්‍යට දාන්න. අපිත් එක්ක එකට එක කියාගෙන එන්න එපා. කට තලා ගන්නේ නැතුව අන්න අරෙහෙන් ඉදගෙන හිටපන් බුරුවා”

මේ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් රුහුණගේ ගොකරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා. මෙම පුවත වාර්තා කළ පෞද්ගලික මාධ්‍ය ආයතනය වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබුනේ මෙවන් අදහසක්. “මම මුලින්ම සමාව අයැදිනවා. මම ඒ පිළිබඳව අනිවාර්යෙන්ම සමුපකාර පැත්තෙනුත්, පාරිභෝගික අධිකාරිය පැත්තෙනුත් පරීක්ෂණයක් පවත්වනවා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More