ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය සහ යුද හමුදා දිනයට සමගාමීව නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින් 10,369 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද (10) දින ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට,
කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 42 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 256 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 10 දෙනෙකු කපිතන් නිලයට, දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 152 දෙනෙකු ලුතිතන් නිලයට සහ උපපන්න නිලධාරින් 22 දෙනෙකු ලුතිතන් නිලයට උසස්වීම් ලබන බවයි යුද හමුදාව සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...