දේශීය පුවත්

ටෙන්ඩර් පටිපාටියට පිටින්, කැබිනට් මණ්ඩලයට හොරොන් ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් තබන ලද යුගදනවි බලාගාර (LNG) ගිවිසුම මගින්රජයට බරපතළ පාඩුවක් සිදුව ඇති බැවින් එය දුෂණමය වරදක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

යුගදනවි බලාගාරය සම්බන්ධ දීර්ඝ පැහැදිළි කිරීමක් කරමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා අන්තර්ඡාලය වෙත වීඩියෝපටයක් යොමුකර ඇත. එහි සදහන් වන්නේ යුගදනවි ගිවිසුම යහපාලන අෘණ්ඩුව සමයෙහි සිදුවූ බැදුම්කර ගනුදෙනුවටත් වඩා රජයට පාඩු සිදුවන ගිවිසුමක් බවත් එම ගිවිසුම මගින් ඇමෙරිකානු සමාගමෙන් දීර්ඝකාලීනව ගෑස් මිළදී ගැනීමේදී අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් අනිවාර්යයෙන් මිලදී ගන්නා බවට එකඟ වීම මෙම ගිවිසුමේ ඇති බළවත් වරදක් බවත් එය රජයට පාඩු සිදුකීරම අරමුණු කරගෙන සිදුවූවක් බවත් එමගින් බරපතළ දූ‍්ෂණයක් සිදුව ඇති බවත්ය.

එනම් පාවිච්චියට නොගන්නා ගෑස්වලට ද මුදල් ගෙවීමට එකඟ වීමය. එම වරද වඩාත් බරපතළ දූෂණ වරදක් වන්නේ සෑම මාසයකම ගෑස් වලට ගෙවීම් සිදු කිරීමේ දී ඊට පෙර මාසයේ දී භාවිතා නොකළ ගෑස් ප‍්‍රමාණය නැවත විකිණීම මගින් අධික ලාභයක් ලැබීමට විදේශීය සමාගමකට අවස්ථාව ලැබීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More