දේශීය පුවත්

1994 සිට දිගට ම රට පල්ලම් බැස්ස බවත් එයින් පසු රටේ නිෂ්පාදන හෝ අපනයන වැඩි කිරීම සඳහා කිසිදු රජයක් කිසිවක් නොකළ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඊට පසු නායකයින් කළේ රට ණය කර රටට ප්‍රතිලාභ නොලැබෙන විශාල ව්‍යාපෘති ආරම්භ කර කොමිස් ගැසීම පමණක් කළ බවත් දැන් ණය ගෙවාගත නොහැකිව දඟලන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රටට විදේශ විනිමය ලැබුණේ සංචාරකයින්ගෙන්, සුද්දා හදා දුන් තේ පොල් රබර් ටිකෙන් සහ රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල්වලින් පමණක් බව ද ෆොන්සේකා පෙන්වා දෙයි. මේ වන විට පොහොර ටික නොදෙන නිසා තේ පොල් රබර් ටිකත් විනාශ වී ඇතැයි ඔහු චෝදනා කරයි.

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කිසිදු රජයක් ඇඟට දැනෙන කිසිවක් කර නැති බවත් ලංකාවට එන්නේ චීන හිඟන්නන් පමණක් බවත් හෙතෙම පවසයි.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මේ රටේ පහළ වූ දුර්වලම නායකයින් බවත් ඔවුන් දෙදෙනා මේ රට විනාශ කළ බවත් පාර්ලිමේන්තුව අමතමින් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More