ජනාධිපතිවරයා ජනතාව භාරදුන් කටයුත්ත නොකර අනෙක් සියලූම වැඩ කරන බවත් ඉදිරි මැතිවරණයේ දී හොඳින් හොයා බලා හොඳම බුලට් ගෙන එන්නට පුරවැසි බලය සුදානම් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පැවැසූහ. .
උන්වහන්සේ මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පුරවැසි බලය සංවිධානය විසින් අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවන් අමතමිනි.
මහින්ද රාජපක්ෂ ගේන්න වේදිකාවට නැග්ගේ අපි. 2015 අපි එයාට පල කිව්වා. 2015 දි මෛත‍්‍රිපාල සිරිසේන ගෙනාවේ අපි. අවුරුදු තුන යන්න කලින් අපි පල කියනවා.
ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. බලාපොරොත්තු වුන, කරන්න කියල දුන්න වැඩ මොකවත් කරන්නේ නැහැ. අපි කිව්වේ මේක හදල යන්න කියලයි. කරන්න කියපු කිසි දෙයක් කළේ නැහැ. වෙනත් දේවල් කර කර තව ඉන්නයි හදන්නේ.
ජනාධිපතිට පුළුවන්නම් කියන්න කියල මම කියන්නේ දඹර අමිල මෙන්න මේවා මගෙන් ගත්තා කියල. මම තේ එකක් වත් බීල නැහැ. බොන්නෙත් නැහැ. ඒ අය තේරුම් අරන් නැහැ අපිව.
මම කියන්නේ පුළුවන් නම් එළියට ඇවිත් කියපල්ලා අපි මොනවද ගත්තේ කියලා. අපි උත්තර දෙන්නම්. ජනතාවට අපි කියන්නේ අපේ ජීවිතේ ඉතිරි ටිකත් අපි මේ වගේ ම ගත කරනවා. කළු පැල්ලම් තියාගන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියා ගන්න එපා කියලයි. ’’ යැයි ද අමිල හිමියෝ පැවැසූහ.
ඇලෝසියස්ගෙන් පුරවැසිබලය සංවිධානය මුදල් ගත් බවට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරැ දීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...