දේශීය පුවත්

නිසි ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ අලෙවිය නතර කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
අද වන විට මුහුණු ආවරණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී හමාරය. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මුහුණු ආවරණ සදහා ඇති ඉල්ලුම දැවැන්ත ලෙස ඉහළ ගිය බැවින් ඒ සදහා දේශීය නිශ්පාදකයන් බොහොමයක් තම ආයෝජන මුහුණු ආවරණ නිශ්පාදනය සදහා යෙදවීය.

මෙම තරගකාරීත්වය හමුවේ මේ වන විට නිසි ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ නිශ්පාදනය සහ අලෙවිය වැඩි වී ඇත. මෙම ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ භාවිතය නිසා කොඩිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනයද ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව වෛද්‍යවරු පවසයි.

මෙම නිසා මාර්ග අසල සහ වෙලදපොලේ විකිණීමට ඇති නිසි ප්‍රමිතියකින් තොර මුහුණු ආවරණ අලෙවි කරන ස්ථාන වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් තොර මුහුණු ආවරණ අලෙවිය ඉදිරියේදී නතර කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි.
තවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇති බව ව්‍යාජ ලෙස සකස්කර වෙළඳපොළට මුහුණු ආවරණ නිකුත්වී ඇති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති මුහුණු ආවරණ නිෂ්පාදන පහත සැබැදියට පිවිස ලබා ගන්න.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අන්තර්ජාල පිටුවට පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More