දේශීය පුවත්

අසල්වැසි රටේ ධීවරයන් මෙරට මුහුදේ අනවසරයෙන් මසුන් මැරීම නතර කිරීම සදහා

වහාම පියවර ගන්නැයි බලකරමින් උතුරේදී විරෝධතාවයක් දියත් කර තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිටදී ඔක්තෝබර් 8 වැනි සිකුරාදා විරෝධතාවය දියත් කර ඇත්තේ යාපනය ධීවර සංගම් එකතුව විසිනි.

කච්චතිව් ආසන්න මුහුදේ මසුන් මරමින් සිටි මෙරට ධීවරයන් පිරිසකට පහර දී ඔවුන්ගේ බෝට්ටුවලට අලාභානි කිරීමටද ඉන්දීය ධීවරයන් පිරිසක් පසුගියදා කටයුතු කල බවට චෝදනා කරමින් විරෝධතා දැක්වු ධීවරයන් අවධාරණය කර ඇත්තේ, ඉන්දීය ධීවරයන් හා ගැටුම තව දුරටත් උත්සන්න වීමට පෙර ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරීම තහනම් කරන ලෙසයි.

ලංකා මුහුදේ මත්ස්‍ය අස්වැන්න ඉන්දීය ධිවරයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නෙලා ගන්නා බැවින් මෙරට ධිවරයන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවටත් ඔවුන් අවධාරණය කර තිබේ.

ඔක්තෝබර් 5 වැනිදා ඉන්දීය ධිවරයන් විසින් මෙරට ධීවරයන්ට පහර දීමෙන් පසු උතුරේ ධිවර සංගම් නායකයකු සදහන් කර තිබුනේ ඉන්දිය ධිවරයන්ගෙන් තමන්ට ජීවිත තර්ජනද එල්ල වී තිබෙන බවයි.

“අපේ ධීවරයෝ කච්චතිව් අපේ මුහුදේ මාළු අල්ලමින් ඉන්නකොට හොරෙන් ආපු ඉන්දියාවේ ට්‍රෝලර් බෝට්ටුවක් අපේ අයගේ බෝට්ටුවේ හප්පලා, අලාභ කරලා, බෝට්ටුවේ හිටපු ධීවරයෝ හොඳටම පහර දීලා විතරක් නොවේ මුහුදට ඇදලා දාන්න හදලා තියෙන්නේ, කොහොමහරි ඒගොල්ලෝ ගොඩට ඇවිත් තියෙන්නේ හොඳටම තුවාල වෙලා,” යැයි ගුරුනගර් ධීවර සංවර්ධන සංගමයේ සභාපති ජුලියන් සහාසරාජා සදහන් කර තිබුනි.

මෙහිදී හානියට පත් ධීවරයන්ට, බෝට්ටු හිමියන්ට `ඉන්දීය ආණ්ඩුව අලාභ ගෙවන්න` අවශ්‍ය බව උතුරේ ධීවරයෝ අවධාරණය කර තිබුනි.

“ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් ප්‍රශ්නය ගැන අපි කලින් ධීවර අමාත්‍යංශයට පැමිණිලි කර තියෙනවා, ඉන්දියානුවන් අනවසරයෙන් අපේ මුහුදට ඇවිත් මාළු අල්ලන් යන එක දිගින් දිගටම තියෙනවා, ඒ වගේම ඒගොල්ලෝ අපේ අයට පහර දෙන එකත් දිගින් දිගටම වෙනවා, අපේ මිනිස්සු මුහුදු යන්න බයෙන් ඉන්නේ ඔවුන්ට මරණ බියක් ඇතිවෙලා තියෙනවායැ,” යි ධීවර සංගම් නායක සහාසරාජා වැඩි දුරටත් සදහන් කරයි.

විරෝධතාවයෙන් පසු සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ යාපනයේ පිහිටි කාර්යාලයට සහ යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාරදීමට ධිවර සංගම් නායකයන් කටයුතු කළ බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

අවසර ඇතිව කච්චතීවු මුහුදේ මසුන් මැරීමේ යෙදී සිටි ඉන්දීය ධීවරයන් පිරිසකට පහර දුන් බවට ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පසුගියදා චෝදනා එල්ල වී තිබුනි.

ශ්‍රී ලංකා සාගර කලාපයේ ඉන්දීය ධීවරයන්ට මසුන් මැරීමට අවසර දී ඇති කච්චතීව් දූපත අසලදී සැප්තැම්බර් 22 බදාදා ප්‍රහාරයෙන් යාත්‍රා කිහිපයකටත් දැල් ආම්පන්නවලට හානි සිදුවී ඇති ඇති බව තමිල්නාඩු ධීවර සමිති නායකයෝ පවසති.

“පාරම්පරික වශයෙන් කරගෙන යන පරිදි කච්චතීවු දුපත අසල මාළු බාමින් ඉන්නකොට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඇවිල්ලා දැල් කපලා ගල් වලින් ගහලා වීදුරු කුඩු කරලා එලෙව්වා,” යි රාමේශ්වරම් ධීවර සංගමයේ සභාපති බෙන්සිලාස් ජේසුරාජා මාධ්‍යවේදීන්ට පැවසීය.

ඉන්දීය රජය විසින් සතියකට දින තුනක් කච්චතීවු මුහුදේ මසුන් මැරීමට අවසර දී තිබුනත් ගැටුම් අවම කරගැනීම සඳහා තමිල්නාඩු ධීවරයන් ස්වේච්ඡාවෙන් ගත් තීන්දුවක් අනුව බදාදා සහ සෙනසුරාදා පමණක් රැකියාවේ යෙදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“දිගින් දිගටම මේක සිද්ධවීම රාමේශ්වරමේ ධීවරයන්ට ජීවිකාව පවත්වාගෙන යන්න ලොකු බාධාවක්, ආණ්ඩු දෙක සාකච්ඡා කරලා මේකට ස්ථිර විසදුමක් දෙන්න ඕනේ.”

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මින් පෙර අනතුරු අඟවා සිටියේ මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කෙතරම් මෙහෙයුම් කළ ද ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සමඟ පැමිණෙන ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත කොල්ල කෑමට එරෙහිව විධිමත් ක්‍රියා මාර්ගයක් නො ගැනීම දෙරටේ ධීවරයන් අතර ගැටුමක් ඇති විය හැකි බවයි.

ලංකාවේ ආණ්ඩුව කමිටුවක් පත් කර මිට තිරසාර විසදුමක් ලබා දිය යුතුයි` යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු පළාත් සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් අවධාරණය කර තිබුනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More