දේශීය පුවත්

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ (08) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය

මෙහි සංයුතිය සකස් කර තිබුණේ ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු 10ක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 5ක් ලෙසය.

එහෙත් පසුගියදා ආණ්ඩු පාර්ශව විසින්ම මෙම තේරීම් කාරක සභාව සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද නම් කර තිබිණ.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 11ක් වූ අතර විපක්ෂයට ද තවත් වැඩිපුර නියෝජනයක් ලබා දීමට ආණ්ඩුවට සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇතුළත් වූයේ ඒ අනුවය.

බැසිල් රාජපක්ෂ මහතා අද මෙම කාරක සභාවට පළමු වතාවට පැමිණි අතර එහිදී ඔහු පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

මීට පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සාගර කාරියවසම් මහතා ආදීන් අදහස් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්විය නොහැකි බවයි.

ඒ අය ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය වෙනුවට පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් යළි සීමා නිර්ණය කිරීමක් සහ පනත සංශෝධනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙම කාරක සභාව නියෝජනය කිරීමට පෙර ආණ්ඩු පක්ෂය කියා තිබිණ.

ඒ සඳහා කාලය ගතවන බැවින් වසර හතර සම්පූර්ණ වන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම මීට පෙර ආණ්ඩු පක්ෂයේ අදහසවී තිබිණ.

එහෙත් අද බැසිල් රාජපක්ෂ මහතා මෙම කාරක සභාවට පැමිණීමත් සමඟම එම අදහස වෙනස් වී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කර තිබූ බව වාර්තා වේ.

ඒ කලින් තිබූ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේය.

මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පළාත් සභා නව ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් එළැඹෙන ජනවාරි මාසයේදී

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති අතර එම යෝජනාව වන්නේ

පැවති මනාප ක්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි.

එය ජනවාරි මාසයේ දී සම්මත වුවහොත් එළඹෙන අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා

හමුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කර තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More