දේශීය පුවත්

කැනඩාවේ ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේ සම්මත කළ පොදු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මෙරට කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් හමු වූ අවස්ථාවේ දී කැනඩා රජය වෙත අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන සඳහන් කරමිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය පළ කරන බව ද සඳහන් කර ඇති විදේශ අමාත්‍යවරයා ඔන්ටාරියෝ උත්තරීතර අධිකරණයේදී එය අභියෝගයට ලක් කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය කැනඩාවේ තහනම් සංවිධානයක් බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයක් වන බැවින් ඊට අදාළව අධිකරණ ක්‍රියාවලියක් පවතින බවයි.

පවතින ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරීමට ද මහකොමසාරිස්වරයා එකඟතාව පළ කළ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More