දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඊයේ (08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මේ වන විට එම මිල සූත්‍රය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන අතර දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට එය ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වෙන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම බව ද වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එමෙන්ම වසරකට පුද්ගලයන් 22,000ක් පමණ දුම් පානය මුල් කර ගෙන ඇති වන රෝගාබාධ හේතුවෙන් මිය යන අතර දුම්පානය කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර 10කින් පමණ අඩු වන බව නවතම සමීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා.
මේ වන විට මෙරට වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් දුම්වැටි භාවිතයට වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බවයි දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ.
එමෙන්ම තරුණ ප්‍රජාව දුම්වැටි භාවිතයෙන් ඉවත් වී තිබීමේ තත්වයක් නවතම වාර්තා මඟින් කැපී පෙනෙන ලෙස නිරීක්ෂණය වන බව දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...