Colombo Today යුටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණු කීර්ති දුනුවිල මහතා විසින් නිෂ්පාදනය කල “විමර්ශන” වැඩසටහන යටතේ නුගේගොඩ REC campus ආයතනය විසින් රුසියාවේ වෛද්‍ය උපාදිය සඳහා සිසුන් යොමු කිරීමේදී සිදුකරන අක්‍රමිකතාවය පිළිබඳව සැකසුනු වීඩියෝවක් සඳහා පසුගිය මස 17 වනදා REC campus ආයතනය විසින් ලබා ගන්නා ලද වාරණ නියෝගය පිළිබඳව නඩුව අද (8) දින අලුත්කඩේ දිසා අධිකරණයේදී කැඳවනු ලැබීය.
විත්තිකාර කිර්ති දුනුවිල මහතා වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 666 සහ 664/3 වගන්ති යටතේ වාරණ නියෝගය විසිරුවා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලමක් සිදුකරන ලදි.
කීර්ති දුනුවිල මහතාට සිතාසි නොලැබී තිබියදී ත් මහජන සුභසිද්ධිය වෙනුවෙන් සහ වෛද්‍ය අධ්‍යාපනයට විදේශගතවන සිසුන්ගේ සුවහසක් බලාපොරොත්තු වෙනුවෙන් REC campus වැනි වංචාකාරී ආයතනවලින් සිදුකෙරෙන වංචාවලට සිසුන් හසුවීමෙන් වලක්වා ගැනීම සඳහා අධිකරණයට පැමිණ කරුණු දක්වන බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට සැල කර සිටි අතර REC campus ආයතනය විශ්වවිද්‍යාලයේ ගාස්තු මෙන් දෙගුණයකටත් වඩා මුදලක් අයකරමින් සිසුන් වෛද්‍ය අධ්‍යාපනයට යොමු කරන බව සඳහන් කර සිටියා.
එමෙන්ම සිසුන්ට සෘජුව විශ්වවිද්‍යාල ගාස්තුව විශ්වවිද්‍යාලය සඳහා ගෙවීමට REC campus ආයතනය වංචාකාරී ලෙස ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී කරුණු දක්වා සිටියා.
වැඩ බලන දිසා විනිසුරුතුමා විසින් කරුණු තහවුරු කිරීම සඳහා පැමිණිලි කාර පාර්ශවයට අවස්ථාව ලබාදෙමින් එළබෙන 15 වන සිකුරාදා දින මෙම නඩුව යලි කැඳවීමට නියෝග කරන ලදි.
විත්තිකාර කීර්ති දුනුවිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න. නීතිඥ අෂාන් නානායක්කාර, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ චරිත ගුණරත්න යන මහත්වරු පෙනී සිටින ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...